welcome to
Dambulu Aushadha Ayurvedic Pvt Ltd
Since 1985
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ලි.ප අංක 6/2/2/15/19 හා 00243066 යටතේ දඹුලු ඖෂධ ආයුර්වේද පුද්. සමාගම විසින් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී ඇත. පාරම්පරික වෛද්‍ය මඩුල්ලකගේ මග පෙන්වීම අනුව පලපුරුදු ලත් සේවක මඩුල්ලකගේ දායකත්වයෙන් ගුණාත්මක භාවයෙන් යුක්ත හා අතුරු ආබාධ වලින් තොර ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම භාවිතා කල හැකි පරිදි මනා කලමණාකාරීත්වයකින් හා අධීක්ෂණය යටතේ මෙම නිෂ්පාදන සකස් කොට ඇත.
දඹුලු ඖෂධ ආයුර්වේද නිෂ්පාදනාගාරය, දශක හතරකට එහා ගිය අතීතයක් තිබෙන ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික සුවහසක් ජනතාවගේ දරුණු අංශභාග රෝග, විවිධ චර්ම රෝග හා නොයෙකුත් සර්වාංග රෝග රැසකට පිලියම් යොදමින් අයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ නැවුම් පිටුවක් පෙරලූ කෙරමිණියේ වෙද පරම්පරාවට උරුමකම් කියන කෙරමිණියේ ආයුර්වේද වෛද්‍ය, සාමවිනිසුරු ඒ. එම්. එල්. බී අදිකාරී වෙද මහතාය.
කෙරමිණියේ වෙද පරම්පරාවේ රහස් වට්ටෝරු හා දැනුම එක්තැන් කොට නව තාක්ෂණය මුසුකොට ගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිසම හා මුළු මහත් ලෝකයාගේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම අපගේ අපේක්ෂාව යි.